හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ජූනි මස 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක විභාගය ජුලි මස 11 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක නඩු පැවරීම හේතුවෙන් ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව පවසමින් ගොනුකර තිබු විරෝධතාව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හමුවක් ඊයේ රාත්‍රී පැවැත්වුණි

Latest News