වෛද්‍ය පරීක්ෂණයකට ගෝඨාභය සිංගප්පූරුවට

ඔක් 10, 2019
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා අද (10) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

    ඒ කටුනායක ගුවන් තොටුපළෙන් 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන්.  මෙම පිරිස යළි ඔක්තෝම්බර් මස 12 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා මේ මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලසීමාව තුළ විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් වශයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බැවින් ඊට අදාළ නාම යෝජනා පත්‍ර භාර දීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමේ කටයුතු සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස ඉල්ලා තිබුණි.

    එමෙන්ම තම සේවාදායකයා මෑතකදී සිංගප්පූරුවේදී හදවත් සැත්කමකට භාජනය වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා ඔක්තෝබර 9 සිට 12 වැනිදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව ඇති බව එදින කියා සිටියේය. ඒ සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් පණවා තිබෙන විදෙස්ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

    https://www.youtube.com/embed/RB8e5h2lZCk
    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 14:57

    Latest News