ගෝඨාභය ප්‍රචාරක රැලිවලට එක්වෙන්න අපි සූදානම් නෑ..දයාසිරි ජයසේකර (විඩියෝ)

ඔක් 19, 2019
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරිපත් වුවද, එම පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැළිවලට සහභාගී වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් වෙත මුහුණ දීමට සිදුවී ඇති තත්වයන් ඊට හේතුවී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වූ අතර ඉන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර...
    "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සහය පළ කිරීමට ජනහමු 5000කට අධික ප්‍රමාණයක් මුළුරටේම පැවැත්වීමට සූදානම්කර තිබෙනවා.ඊට අමතරව ගෙයින් ගෙට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීමට අද තීරණය කළා. නමුත්, අප සූදානම් නැහැ පවතින තත්වය උඩ පොදුජන පෙරමුණේ වේදිකාවට නැගලා ඔවුන් සමග එක්වන්න. ඒකෙන් වැඩක් වෙයි කියලත් අපි හිතන්නේ නෑ. ඒ අනූව ගම්මට්ටමේ හා බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු අපි කරගෙන යනවා."

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 11:43

    Latest News