Update : ගෝඨාභයට එරෙහි පෙත්සමේ තීරණය අද හවස 6ට

ඔක් 04, 2019

    ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණයේ තීරණය අද පස්වරු 6ට ලබා දෙන බව වාර්තාවේ.

    ගෝඨාභයට එරෙහි පෙත්සමේ තෙවන දිනය අදයි - (08:55)

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද තුන්වන දිනටත් සිදු කෙරෙනවා.

    ඒ, අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

    අදාළ පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම අද පෙරවරු 9.30 ආරම්භ වේ.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොණු කර ඇත්තේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ විසින්.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 14:15

    Latest News