ගෝඨාභය නීති හදන්න යන්නේ අපරාධකරුවන් වෙනුවෙන් - චමීර පෙරේරා (වීඩියෝ)

ඔක් 11, 2019

    සිරිගෙවල් වල සිටින්නන් රණවීරුවන් නොවන බවත් ඔවුන් රාජපක්ෂවරුන්ගේ අපරාධවලට සම්බන්ධ වුවන් බව වාම සහයෝගිතා කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

    නීති හදමින් අපරාධකරුවන් නිදහස් කිරිමට ගෝඨාභය රාජපක්ෂ සුදානම් බව ඔහු කියා සිටියේය. අද කොළඹ පැවැති වාම සහයෝගිතා කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් චමීර පෙරේරා අවධාරණය කළේය.

    එහිදී අදහස් පළ කළ එම කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා...

     “ අපි දන්නවා මේ අවුරුදු හතර හමාර ඇතුළත, පසුගිය අවුරුදු 10 තුළ අපි දැක්කේ පවුලක් රට පාලනය කරනවා. රාජපක්‍ෂ පවුලේ පාලනය බූවල්ලෙක් වගේ. ජනාධිපති ධූරයේ ඉඳලා තානාපති ධූරය දක්වාම රාජපක්‍ෂ පවුලක් පත් කරගෙන හිටියේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට බන්දේසියක තියලා ජයග්‍රහණය පරිත්‍යාග කරන්න වාමවාදීන් ඉඩ දෙන්නේ නැහැ. ගෝඨාභය කිව්වා මමයි නීති හදන්නේ. නිදොස් කොට නිදහස් කරනවා මට කැමති අය. රණවිරුවෝ කිව්වේ මේ සමස්ත රණවිරුවා නෙමෙයි. අති විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා.

    ඒ අය මොකද අත්අඩංගුවට ගෙන තියෙන්නේ යුද්ධයෙන් පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ පවුල මෙහෙයවපු අපරාධ සම්බන්ධයෙන්, ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන්, එක්නැලිගොඩ සම්බන්ධයෙන්, රතුපස්වල සම්බන්ධයෙන් , වැලිකඩ සිරගෙදර 27 දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුලී හේවායන් බවට යුද හමුදාවේ සමහර පුද්ගලයෝ පත් කරගෙන, යුද හමුදාව අපකීර්තියට ලක් කළේ ගෝඨාභය රාජපක්‍ෂ.

    ඒ රණවිරුවෝ තමයි 2015 ඡන්දේ දීලා ගෙදර යැව්වේ. මේ පාරත් එහෙම කරනවා, රැවටෙන්නේ නැහැ. මේ යක්‍ෂයෝ ටිකක් බලයට එන්න යන්නේ. ඒක පරාජය කරන්න ඕනේ“ යැයි චමීර පෙරේරා මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 20:08

    Latest News