නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (24) නාවික හමුදා බාරයට ගැනිණ.

තලේමන්නාරම,වැලිපර 5 - 7 මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් 717ක් අත්අඩංගුවට ගැනිණ.

පුලියන්කුලම,රාමනූර් ප්‍රදේශයේ රාමක්‍රිෂ්ණන් රාම්රාජ් යන පුද්ගලයෙකුගේ නිවසක අසළ ළිඳක් තුල තිබී යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මානිප්පායි,ඉනුවිල්හි දී ආවා කල්ලියේ පිරිසක් හා පොලීසිය අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ තව්ත සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එරාවුර්,අත්තිපට්ටි ප්‍රදේශයේ දී සැකකරුවන් තිදෙනෙක් සමග ටී.56 ගිනි අවියක් හා ජීව උණ්ඩ16ක්,කඩුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 89,30000ක් වටිනා සවුදි රියාල් තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උඩවලව ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

update- නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය අත්අඩංගුවට ගත් සිව් දෙනා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති ලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Latest News