කසළ තේ තොගයක් සමඟ ලොරියක් මාට්ටු

ජූලි 25, 2019

     කසළ තේ කිලේ 1,500ක් බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ විශේෂ කාර්ය බලකාය ගම්පොළ නගරයේ දී අද අලුයම කළ මෙහෙයුමකදී. ගෙලිඔය සිට නාවලපිටිය දක්වා මෙම කසළ තොගය රැගෙන යමින් තිබූ බවයි, අත්අඩංගුවට පත් සැකකරු පවසා ඇත්තේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට උඩුනුවර,වෙලම්බොඩ,දවුලගල ආදී ප්‍රදේශවලට කසළ තේ රැගෙන එනු ලබවයි.

    ඒවා සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන නිසා කොටස් වශයෙන් වෙනත් ප්‍රදේශවලට රැගෙන යමින් කසළ තේ ජාවාරම සිදු කරන බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 11:00

    Latest News