දඹුල්ල සහ අවට ප්‍රදේශවලට ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහරින පුද්ගලයන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලිසියට අවසර ලබාදී තිබේ.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.77 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඇසක් ආබාධිත හිටපු යුද හමුදා සෙබළෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා තවදුරටත් ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සංචාරක වීසා යොදා ගනිමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කරන්නියන් වශයෙන් රැකියා සදහා කාන්තාවන් සිව් දෙනෙකු යැවීමට තැත්කළ උප ඒජන්තවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුණ මධුසංක අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

බලංගොඩ - බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 51 දෙනෙක් අත්අඩංගුවට ගන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට අලෙවි කිරීමට තහනම් කර ඇති එන්.සී නමැති මත්ද්‍රව්‍ය ටින් 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පකිස්තානයේ හිටපු ජනාධිපති අෂීෆ් අලි සර්දාරි, අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

මෝදර, ජයගත්පුර ප්‍රදේශයේ නිවසක හෙරොයින් අළෙවිකරන බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමක දී ලක්ෂ 7 පමණ වටිනා හෙරොයින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News