මානිප්පායි පොලීසියට පහරදුන් 'ආවා' 2ක් අල්ලයි

ජූලි 23, 2019

    මානිප්පායි,ඉනුවිල්හි දී ආවා කල්ලියේ පිරිසක් හා පොලීසිය අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ තව්ත සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කෝපායි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22) සවස 3.30ට පමණ අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණ අතර අනෙක් සැකකරු එදින සවස 6.00ට පමණ මානිප්පායි පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ. සැකකරුවන් 18,20 වයස්වල පසුවන්නන්.

    පොලීසිය වෙත පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේ දි සිදුවු වෙඩි තැබීමකින් යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු පසුගියදා ජිවිතක්ෂයට පත්විය.යතුරුපැදි තුනකින් පැමිණ ප්‍රදේශ‍යේ මැර ක්‍රියාවන් සිදුකිරීමට ගමන් කරමින් සිටියදි අදාළ පිරිස පොලීසිය වෙත ප්‍රහාරයක් එල්ල කළ බවයි, පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 08:49

    Latest News