තලේමන්නාරම් මුහුදෙන් බීඩි කොළ තොගයක්

ජූලි 24, 2019

    තලේමන්නාරම,වැලිපර 5 - 7 මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් 717ක් අත්අඩංගුවට ගැනිණ.

    පාර්සල් 13ක අසුරා තිබූ මෙම බීඩි කොළ මුහුදේ පාවෙමි තිබූ බවයි, නාවික හමුදාව පවසන්නේ. ජාවාරම්කරුවන් පසුගිය දින කිහිපය තුළ මෙම බීඩි කොළ මෙරටට ගෙන ඒමට උත්සහ දරා තිබේ. නාවික හමුදාව සිදුකළ නිරන්තර මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් වැඩපැවැත්වීමට හැකියාව ලැබී තිබේ.


    පසුගිය 21 වැනි දින මන්නාරම,තාල්පාඩු වෙරළ තීරයේ නාවික හමුදාව සිදුකළ සෝදිසි කිරීමක දී පුද්ගලයන් 5 දෙනෙකු ද සිය බාරයට ගනු ලැබීය. මේ වසර තුළ මේ දක්වා බීඩි කොළ කිලෝ 24,500කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්විය.

     

     

    Last modified on බදාදා, 24 ජූලි 2019 09:58

    Latest News