පුලියන්කුලම ළිඳකින් යුධ උපකරණ මතුවෙයි

ජූලි 23, 2019

    පුලියන්කුලම,රාමනූර් ප්‍රදේශයේ රාමක්‍රිෂ්ණන් රාම්රාජ් යන පුද්ගලයෙකුගේ නිවසක අසළ ළිඳක් තුල තිබී යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලිම සිදුකෙරුණේ ඊයේ (22) සවස පුලියන්කුලම කඳවුරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්. සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත. අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර මිලි මීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 27 ක්, පුද්ගල නාශක බෝම්බයක් හා T 56 බැරල් කොටසක් ද වෙයි. 

    අධිකරණ නියෝගයක් මත ඒවා විනාශ කිරීමට හා ඉදිරි විමර්ශන සඳහා පුලියන්කුලම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 08:59

    Latest News