මැණිල්ගල් හා චෙක්පතක් සොරාගත් සැකකරුට මාංචු

ජූලි 27, 2019

    බස්රථවල ගමන්ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවෙක් මැණික් ගල් හා චෙක්පතක් සමග සැවෝයි සිනමාහල අසළ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 46 හැවිරිදි පානදුර පදිංචි වීසෘ හැන්නදිගේ ඉන්දික ජෙරාඩ් සංජීව ප්‍රනාන්දු යන අයෙක්.

    මොරටුව - පිටකොටුව බස් රථයකින් වැල්ලවත්ත සිට බම්බලපිටිය දක්වා ගමන් කිරීමෙ දී රුපියල් ලක්ස 82ක් වටිනා මැණික් ගල් හා රුපියල් 130,000/-ක් වටිනා චෙක්පතක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබේ. අනතුරුව ඒ සම්බන්ධයෙන් ඊයේ (26) දින සවස 4.20ට පමණ බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකෙරුණු අතර වහාම විමර්ශන ආරම්භ කෙරිණ.

    සැකකරු අද දින (27) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 08:23

    Latest News