කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධව මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර, හක්මන, කිරින්ද ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය වල්ලාපට්ට එකතු කරන මධ්‍යස්ථානයක් පොලීසිය මගින් සොයා ගැනිණ. සැකකරුවෙක් සමග එහි තිබී කෝටි තුනකට අධික වල්ලා පට්ටා කිලෝ 500ක් හා පමණ සොයා ගැනිණ.

සන්නිවේදනය උපකරණ රැසක් සමග ඊට අදාළ උපකරණ තොගයක් ද මස්කෙළිය ප්‍රදේශයේ වතුයායක සිදුකළ වැටලීමකින් පසුව සොයා ගෙන තිබේ.

ISIS සංවිධානය සමඟ සෘජු සබඳතා පැවැත්වූ අලුත්ගම,වැලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු(23) ඔහුගේ නිවසේ දී අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැවැන්ත ප්‍රහාරයක් සඳහා කොළඹට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කළ ඇලුමිනියම් තහඩු සහිත ලොරි රථය ඊයේ සොයා ගැනිණ.

පුත්තලම, නූර් නගර් ප්‍රදේශයේදී  බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, සජීවි පතරොම් 6ක්, හිස් කොපු 05ක් හා ගංජා මිලිග්‍රෑම් 380ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගත් ඩුබායි සිට පිටුවහල් කළ තවත් අයෙක් වන අබුබක්කාර් මොහොමඩ් නමැත්තා අද දිවයිනට පැමිණියේය.

කොළඹ සිදු වූ බෝම්බ පිපිරීම්වලට විවිධ අන්දමට සහය ලබා දී ආරක්ෂාව පතා යාපනයට පලා ආ බවට සැක කරන පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ 23 සවස වන විට යාපනයේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

අළුත්ගම දර්ගා නගරයේ දී ඊයේ (23) රාත්‍රි කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානීය ජලයට විස මිශ්‍රකළ බවට බොරු ප්‍රචාර පැතිරවූ මාදම්පිටිය පදිංචි සැකකරුවන් දෙදෙනෙක් බ්ලූමැන්ඩල් පොලීසි මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Latest News