සීමාව පැන්න ඉන්දීය ධීවරයන්ට මාංචු

ජූලි 25, 2019

    නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (24) නාවික හමුදා බාරයට ගැනිණ.

    ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාව මඟින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුවට අයත් යාත්‍රාවක් වෙත බාරදෙනු ලැබීය. එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන මුර සංචාර හේතුවෙන් මේවන විට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නියැලිම සාපෙක්‍ෂව අඩුවී ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

     

     

    Latest News