පුලියන්කුළම,නයිනමඩු රක්ෂිතයේ අනවසර කැනීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.
ප්‍රභූ මෝටර් රථයක් ලෙස සකස් කළ රථයකින් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මත්පැන් ලීටර තිස් තුන්දහසක් සමඟ සැකකරුවෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම,මාන්තෙයිහිදී කැබ් රථයක් පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා 200kgයි 165gක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් නගරයේ ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වන බවට පෞද්ගලික බැංකු කිහිපයක් විසින් ගණුදෙනු කරුවන්ව දැනුවත් කර තිබේ.
දෝහ කටාර් සිට මෙරටට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ (35) ගමන් මල්ලේ සඟවා තිබූ කොකේන් අඩංගු ගුලි 30ක් ගුවන්තොටුපොළ රේගුව මගින් සොයාගෙන තිබේ.
ගාල්ල, හබරාදූවේ ස්වාධීන් මාධ්‍යවේදියෙකුට ආයුධ සන්නද්ධ පිරිසක් ඊයේ රාත්‍රී පහරදී තිබේ.
ඉරණමාතානගර් ප්‍රදේශයේ දී සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගතවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය, එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම - සෙල්ලකතරගම, බෝගහ හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.