නයිනමඩු රක්ෂිතයේ නිධන් සෙවූ 6කට මාංචු

නොවැ 24, 2019

    පුලියන්කුළම,නයිනමඩු රක්ෂිතයේ අනවසර කැනීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.

    ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනූවයි. නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකරන්නට ඇති බව පොලීසිය පවසයි. ඒ සඳහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගැනිණ. සැකකරුවන් අවුරුදු 28ත් 56ත් අතර පසුවන අතර ඔවුන් වව්නියාව හා නැදුන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන්.

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 09:37

    Latest News