බලපිටිය ෆේස්බුක් සාදයක දී 28කට මාංචු

නොවැ 25, 2019

    අහුන්ගල්ල,බලපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර දී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ(24) සවස පැවති ෆේස්බුක් සාදය පවත්වා ඇති අතර තරුණියන් 03 දෙනෙක්ද ඒ අතර වෙයි. මොවුන් අවුරුදු 17ත් 30ත් අතර වයස්ව පසුවන්නන් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. සැකකරුවන් 13දෙනෙකු සතුව තිබී ගංජා තොගයක් ද හමුවිය.

    ගංජා ළඟ තබා ගෙන සිටි සැකකරුවන් හැර අනෙක් සැකකරුවන්ට පොලීස් ඇප ලබාදී ඇති අතර, එම සැකකරු 12දෙනා අද(25) බලපිටිය මහේස්ත්‍රාත් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

     

     

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 08:16

    Latest News