කොකේන් ගුලි 30ක් සමග කතක් රේගු අත්අඩංගුවට

නොවැ 18, 2019

    දෝහ කටාර් සිට මෙරටට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ (35) ගමන් මල්ලේ සඟවා තිබූ කොකේන් අඩංගු ගුලි 30ක් ගුවන්තොටුපොළ රේගුව මගින් සොයාගෙන තිබේ.

    අනතුරුව සැකකාරියගේ උදරයේ තවත් කොකේන් ගුලි ඇති බවට අනාවරණය වීමෙන් පසු ඒවා පිටතට ගැනීමට ඇය මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
    මේ සම්බන්ධයෙන් අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර සතියක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

     

     

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 11:19

    Latest News