හැටන් නගරයේ සැරිසරන හොර නෝට්ටු

නොවැ 20, 2019

    හැටන් නගරයේ ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වන බවට පෞද්ගලික බැංකු කිහිපයක් විසින් ගණුදෙනු කරුවන්ව දැනුවත් කර තිබේ.

    පසුගිය දින කිහිපය තුල හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පෞද්ගලික බැංකු කිහිපයක් වෙත මුදල් තැන්පත් කිරිමේදී එම මුදල් තුල රුපියල් දහසේ හා රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු තිබී හමු වි ඇති බව එම බැංකු කලමණාකාරිත්වය විසින් සිය ගණුදෙනුකරුවන්ව දැනුවත් කර තිබේ.

    බැංකුවේ අයකැමි විසින් එම මුදල් යන්ත්‍රානුසාරයෙන් ගණනය කිරිමේ දී ව්‍යාජ මුදල් නොට්ටු එම යන්ත්‍රයෙන් ඉවත් වී ඇත. පසුව එම ව්‍යාජ මුදල් නොට්ටු බැංකුව විසින් අවලංගු කර ව්‍යාජ මුදල් නෝට්ටුවේ ඡායාස්ථික පිටපතක් මගින් තම ගණුදෙනුකරුවන්ට බැංකු කලමණාකාරිත්වය මගින් දැනුම් දී ඇත.

    හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ගණනාවකටම මෙවැනි ව්‍යාජ මුදල් නොට්ටු ලැබිම නිසා එම බැංකු කලමණාකාරිත්වය විසින් සියළුම ව්‍යපාරික ගණුදෙනුකරුවන් වෙත දැනුම් දි ඇත්තේ පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගැනිමේ දී සැලකිලිමත් වෙන ලෙසයි. පසුගිය දින කිහිපය තුල හැටන් නගරයට විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණි අතර එම පාරිභෝගිකයන් අතරින් මෙම මුදල් සංසරණය වෙන්නට ඇති බවයි හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පවසන්නේ.

    3 1 2

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 11:12

    Latest News