ජපන් රැකියා මවා මුදල් වංචා කළ කත අත්අඩංගුවට

නොවැ 28, 2019

    ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ජපානයේ රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකාරියට රු. 600,000 ක මුදලක් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවන ලදී.

    ඒ අනුව වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි චමිලා චතුරංගනී ජයවර්ධන නම් සැකකාරිය 2019.11.21 දින බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලදී අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර විමර්ශනවලදී ඇය විසින් බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවද හෙලි වී තිබේ.

    සැකකාරිය පසුගියදා (22) ගම්පහ කම්කරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.12.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 15:33

    Latest News