දූෂණ නාස්තිය ගැන ලියූ ප්‍රා.මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් (විඩියෝ)

නොවැ 14, 2019
  • ගාල්ල, හබරාදූවේ ස්වාධීන් මාධ්‍යවේදියෙකුට ආයුධ සන්නද්ධ පිරිසක් ඊයේ රාත්‍රී පහරදී තිබේ.

    මෙම පිරිස ආයුධ සන්නද්ධව ඊයේ රාත්‍රී ඔහුගේ නිවසට පැමිණ ඇති අතර පහරදී ඝාතනය කරන බවට තර්ජනය කර ඇත.

    ලසන්ත විජේරත්න නමැති මෙම ප්‍රාදේශීය මාධ්‍යවේදියා පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි.

    හරකෑමෙන් තුවාල ලැබූ ලසන්ත විජේරත්න ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති බව අප වාර්තාකරු පවසයි.

    පසුගියදා අහංගම දී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැළියක දී ඔහු විසින් රචනා කළ නාස්තිකාර සංවර්ධනය හා දූෂණය නමැති ග්‍රන්ථය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට පිළිගැන්වා ඇත. ග්‍රන්ථය සජිත් ප්‍රේමදාස මහතාට පිළිගැන්වීම මෙම පහරදීමට හේතුවන්නට ඇති වන්නට ඇතැයි ඔහුගේ බිරිද පවසන්නීය. මෙම ආයුධ සන්නද්ධව පැමිණි පිරිස අත ගිනි අවියක් ද තිබූ බවත් ඇය කියා සිටියාය.

    පහරකෑමට ලක්වූ ලසන්ත විජේරත්න නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම රාජ්‍ය දූෂණ පිටුදැකීමේ ව්‍යාපාරයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 13:39

    Latest News