ප්‍රභූ මුවාවෙන් තිබූ මෝටර් රථයේ මත්පැන්

නොවැ 23, 2019

    ප්‍රභූ මෝටර් රථයක් ලෙස සකස් කළ රථයකින් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මත්පැන් ලීටර තිස් තුන්දහසක් සමඟ සැකකරුවෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදී. අරලගන්විල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි, මෙම වැටලීම සිදුකර ඇත්තේ. පොළොන්නරුව පොලිස් කොට්ඨාසයට අයත් ඕනෑගම ප්‍රදේශයේ පදිංචි සැකකරු කලෙක සිට මෙම නීතිවිරෝධී මත්පැන් බෙදීම සඳහා මෙම ප්‍රභූ මෝටර් රථය යොදාගෙන තිබේ.

    මොහු අදාළ මෝටර් රථයට ප්‍රභූ ආරක්ෂක අංශ භාවිත කරන විදුලි පරිපතයක් සකස් කර රථයේ ඉදිරිපස රඳවා මෙම මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බවයි, අනාවරණය වන්නේ. සැකකරු හා රථය අද පොළොන්නරුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

     

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 12:24

    Latest News