MCC ගිවිසුම අධ්‍යයනයට විශේෂ කමිටුවක් 

දෙසැ 19, 2019

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කර රජයට වාර්තාවක් ලබා දීමට, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ මණ්ඩලයක් පත් කර තිබේ.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බවයි, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 12:30

    Latest News