ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දී අද කිරි ආහාර පූජාවක් පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 71 වැනි ඡන්ම දිනය අදට (20) යෙදී තිබේ. 1949 ජුනි මස 20 වැනිදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ගත්තේය .

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතී.

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ශ්‍රී සම්බුද්ධ ධර්මය රැගෙන වැඩම කළ අනුබුදු මිහිදු, මහ රහතන්‌ වහන්සේගේ ලංකාගමනය සිහිපත්‌ කරමින්‌, මහත්‌ ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙහි නිරත වීම අප රටේ බොදු ජනයා වසර දහස්‌ ගණනක සිට සිරිතක්‌ කොටගෙන ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැනිනුමා පවසනවා.

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සලසා ඇති බවත්, රටේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය නිසි කලට ප්‍රතිශක්තිය අත්කර ගැනීමට දරුවාට ඇති අයිතිය මත පදනම්ව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (01) දහවල් අවසන් ගෞරව දැක්වීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්‍ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දුටුවේය.

Latest News