ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

දෙසැ 24, 2019

    ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

    ඉදිරි උත්සව සමයේ දී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමේ දී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය. වී මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටළු රැසක් එමගින් නිරාකරණය කෙරුණු අති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.


    සහල් මිල පාලනයට රජය ගත් තීරණය සමග එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරු ද විමර්ශනය කෙරිණි. පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන්නේය. ඊට අදාළ වැටලිම් පුළුල් කර තිබේ. එමෙන්ම වෙළඳුන් දැනුවත් කිරීමට ද කඩිනමි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.


    තිරිගු පිටි මිල පාලනයට රජය ගත් පියවර මෙන්ම අනෙකුත් අත්‍යාවශය භාන්ඩ සඳහා ලබාදුන් බදු සහනවල ප්‍රතිලාභ පිළිබදව ද සමාලෝචනයට ලක් කෙරිණි.

    Latest News