21 ප්‍රහාරයේ ජනපති කොමිසමේ අතුරු වාර්තාව අද ජනපතිට

දෙසැ 19, 2019

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.

    අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.අදාළ වාර්තාව සකස් කර ඇත්තේ කොමිසම මඟින් මෙතෙක් ලබාගත් සාක්ෂිවල ප්‍රගතිය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ වන තොරතුරු ඇතුලත් කරමින්.

    අතුරු වාර්තාව ජනා‍‍ධිපතිවරයා වෙත භාරදීම සිදු කළ ද කොමිසමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ. හෙට සිට සාක්ෂි සටහන් කර ගැනීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි ජනපති කොමිසමේ ප්‍රකා‍ශකයෙකු සඳහන් කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 08:21

    Latest News