“හැදෙන රටට - වැඩෙන ගසක්” වැඩසටහනට ජනපති එක් වෙයි (වීඩියෝ)

ජන 01, 2020
  • “හැදෙන රටට - වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද අද (01) පෙරවරුවේ එක් විය.

    මිරිහානේ සිය පෞද්ගලික නිල නිවාස පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා අද දීප ව්‍යාප්තව ආරම්භ වූ වැඩසටහනට සිය සුබපැතුම් එක් කළේය.


    ශ්‍රී ලංකාව සතු 29% ක් වූ වන ගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා වැඩිකිරීමේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්තියට සමගාමීව රට පුරා වසරකට ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    prestree---00.jpgprestree---01.jpg

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 20:08

    Latest News