ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

ජූලි 03, 2019

    2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ දෙවන කණ්ඩායම බවට පත් වීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    ඒ, මෙවර තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගය ලකුණු 28කින් ජය ගැනීමත් සමග යි. කෙසේ වෙතත් එම පරාජයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. බර්මිංහැම්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

    ඒ අනුව ඉන්දීය ඉනිම අරඹමින් පිටියට පිවිසි රෝහිත් ශර්මා සහා ලොකේෂ් රාහුල් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 180කි. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් රෝහිත් ශර්මා දැවී ගිය අතර ඔහු පන්දු 92කදී ලකුණු 104ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමගිනි. ශර්මා ඊයේ දිනයේදී වාර්තා කළේ, සිය එක්දින දිවියේ 26 වන ශතකය වන අතර ඔහු වාර්තා අතරට එක්වූයේ අවම ඉනිම් සංඛ්‍යාවකින් ලෝක කුසලාන ශතක 5ක් වාර්තා කිරීමට සමත් වූ ක්‍රීඩකයා ලෙස ය.

    තව ද ලෝක කුසලාන තරගාවලියකදී ශතක 4ක් වාර්තා කිරීමට සමත් වූ පළමු ඉන්දීය පිතිකරුවා ලෙසත්, සචින් තෙන්ඩුල්කාර්ගෙන් පසු ලෝක කුසලානයකදී පෞද්ගලික ලකුණු 500 සීමාව පසු කළ පිතිකරුවා ලෙසත්, ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාරගෙන් පසු ලෝක කුසලානයකදී ශතක 4ක් රැස් කළ පිතිකරුවා ලෙසත් ශර්මා ඊයේ වාර්තා අතරට එක් විය.

    ලොකේෂ් රාහුල් ලකුණු 77ක් රැස් කළ අතර නායක විරාත් කෝලි රැස් කළ ලකුණු සංඛ්‍යාව 26කි.
    සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ රිශාබ් පාන්ට් ලකුණු 48ක් රැස් කළ අතර මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 35ක් රැස් කළේ ය. ඉන්දීය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත් ලකුණු

    Last modified on බදාදා, 03 ජූලි 2019 08:44

    Latest News