ලසිත් ඔස්ට්‍රේලියා තරගයට එනවා කිව්වා...අපි කොහොමත් සූදානම් (වීඩියෝ)

ජූනි 13, 2019

    ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප් දෙදෙනාම නැතිවුවත් ඔස්ට්‍රේලියාව සමග තරගයට සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

    ඊයේ (12) ඔහු ජාතික රූපවාහිනිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

    ලසිත් මාලිංග මේවන විට ඔහුගේ නැන්දනියගේ අවමංගල්‍ය වෙනුවෙන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු, ඔස්ට්‍රේලියාව තරගයට සහභාගී වෙන බව පවසා ඇත.

    ලසිත් මාලිංගගේ නැන්දනිය වන කාන්ති පෙරේරාගේ දේහය බානිරේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අද(13) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.

    නුවන් ප්‍රදීප්ගේ ඇඟිල්ලේ ආබාධය සුව වෙමින් පවතින බවත් තරගයට සුදුසු තත්වයකට පැමිණිය හොත් ඔහුගේ සහභාගීත්වය ප්‍රභල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග තරගයට ඉතා වැදගත් බව දිමුත් වැඩිදුරටත් පැවසියිය.

    පුහුණුවීම් සැසියකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ දකුණු අතේ සුළඟිල්ලේ බෝලයක් වැදීමෙන් අස්ථි බිඳීමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය 9 වැනිදා නිවේදනය කළේය.

    මේ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් නිවේදනය කළේ ඔහුට සතියක පමණ ලෝක කුසලාන ක්‍රිකට් තරගවලට සහභාගිවීමට නොහැකි වන බවයි.

    එසේම ශ්‍රී ලංකාව සහභාගීවීමට තිබූ පසුගිය තරග දෙකක් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය.

    මෙම තරග දෙක සම්බන්ධයෙන් අදහස් දැක්වු දිමුත් කරුණාරත්න  "ජයග්‍රහණ ලබා ගත හැකි යැයි විශ්වාස කළ, වාර්ෂාව හේතුවෙන් කණ්ඩායමේ මානසිකත්වය විශාල ලෙස පහල වැටීමට හේතු වුනා" යැයි කළේය. මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට අත්දැකීම් ඇති කණ්ඩායමක් ලෙස සූදනම් විය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුනී.

    නායකයා ලෙස වගේම පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බව දිමුත් කරුණාරත්න රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවේදි ඔහු සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 17:45

    Latest News