පුහුණුවීම්වලදී නුවන් ප්‍රදීප් ආබාධයට (විඩියෝ)

ජූනි 09, 2019

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පුහුණුවීම් සැසියකදී ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    මේ අනුව සතියක කාලසීමාවක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගවලට ඔහුට සහභාගි වීමට නොහැකි වන අතර, ලබන 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවේ. පුහුණුවීම්වල නිරතව සිටියදී ඔහුගේ දකුණු අතේ සුළඟිල්ලේ බෝලයක් වැදීමෙන් අස්ථි බිඳීමක් සිදුවී තිබේ. මේ වනවිට ඔහු රෝහල් ගතකර අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බව, කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා පවසයි.

    මේ අනුව සතියක කාලයක් ප්‍රතිකාර ගැනීමට සිදුවන බව, ඔහු තවදුරටත් කියා සිටියේය. නුවන් ප්‍රදීප් ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ලකුණු 31කට කඩුලු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ඒමට සමත්විය.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 20:35

    Latest News