අවසන් පූර්ව වටයේ සිහිනය ශ්‍රී ලංකාවෙන් ඈතට

ජූනි 29, 2019

    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු ඊයේ (28) දුරස් වී ගියා. ඒ, දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුළු 09ක පරාජයක් ලැබීම හේතුවෙන්.

    තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49. 3 කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 203ක් පමණයි.

    කුසල් ජනිත් පෙරේරා සහ අවිෂ්ක ප‍්‍රනාන්දු ලකුණු 30 බැගින් රැස් කළා. කෙසේවෙතත් සෙසු පිතිකරුවන්ට ලකුණු 30හේ සීමාව පසු කර යාමට හැකිවුනේ නැහැ. පන්දු යැවීමේදී ඞ්වයින් පි‍්‍රටෝරියස් ලකුණු 25කට කඩුළු 3ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පන්දුවාර 37. 2 කදී එක් කඩුල්ලකට ලකුණු 206ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. නායක ෆෆ් ඩූ ප්ලේසිස් නොදැවි ලකුණු 96යි. හෂීම් අම්ලා නොදැවී ලකුණු 80ක් රැස් කළා.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 10:36

    Latest News