ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගි නොවූ කළමනාකරුට සහ නායකට අවවාදයක්

ජූනි 17, 2019

    ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි නොවීමේ සිද්ධිය සමථයකට පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකර තිබේ.

    එම තරගය අවසානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු සහභාගි නොවීමෙන් ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ජා කළ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ඒ අනුව ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති නොවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ එකඟතාවයකට පැමිණ තිබේ.

    ලෝක කුසලාන තරගාවලිය තුළ කිසිදු අන්දමක ගැටලුවක් ඇති කර නොගැනීමට කණ්ඩායමේ කළමනාකරුට සහ නායකයා ඇතුළු ක්‍රීඩකයින්ට ද ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    Latest News