හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතා අද (04) සවස හක්මන කැබලියපොළදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය දෙබිඩි පිළිවෙතකින් ක්‍රියා කරන බව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා හිටපු නියෝජිත තමරා කුනනායගම් මහත්මිය…
පොදු මහජන විඥාණය හඳුනා නොගැනීම සහ ආර්ථික සහන ලබානොදීම හේතුවෙන් පසුගිය ආණ්ඩුවට එරෙහිව වත්මන් දේශපාලන තත්වය උදාවූ බව, අගරදගුරු අතිඋතුම්…
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම, යළි කැදවීම ජනාධිපතිතුමා සතු නීත්‍යානුකූල කාර්යක් බව, හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පළ කිරීමට තීරණය කර…
ලබන 16 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව, වාර්තා වෙයි. 
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධව සාකච්ජාවක් බස් හිමියන්ගේ සංගම් විසින් මේ වන විට ආරම්භ කර තිබේ.
මහඔය, නුවරගලතැන්න රක්ෂිතයේ පුරාවස්තු සෙවීමට කැණීම් කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.
නව රජයට සෙත් පතා ආශිර්වාද පහන් පූජාවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අලුයම පැවැත්විණ. එය නම්කර තිබුණේ ජන හද සත්‍යයක් ක්‍රියාව…
රාජිත සේනාරත්න මහතා නව රජයට එක්වී නැවතත් සෞඛ්‍ය අමාත්‍ය තනතුරට පත්වීමට උත්සාහ දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 
අඩුවූ ඉන්ධන ගාස්තුවට සමගාමීව එහි සහනය මගීන්ට ලබාදීම පිළිබඳ, විශේෂ සාකච්ජාවක් හෙට පැවැත්වෙන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
වව්නියාව, තේක්කවත්ත ප්‍රදේශයේ දී රු.5000 මුදල් නෝට්ටු 50ක් සමග සැකකරුවෙකු අද අත්අඩංගුවට ගැනිණ.
ගලේවෙල - දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් පලවා හැරීමට වන ජීවී නිලධාරීන් සමත් විය. 
පාර්ලිමේන්තුව ලබන හත් වැනිදා  (07) කිසිඳු විටකින් පැවැත්නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර මාධ්‍යයකට ප්‍රකාශ කළා.
ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික ඒකාබද්ධතාව සහජීවනය හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 
දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (නොවැම්බර් 03 වන) දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන…
නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශවල පදනමක් නැතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
“ජල නිම්න-හරිත අරණ“ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ ආරම්භ කෙරුණා.

Latest News