කිලිනොච්චි ඉඩම් අක්කර 45ක් සිවිල් ජනතාවට 

දෙසැ 21, 2018

    කිලිනොච්චිය ප්‍රදේශයේ ඉඩම් අක්කර 45ක් යුද හමුදාව විසින් සිවිල් ජනතාවට බාර දෙයි. යුද හමුදාව සතු උතුරු නැගෙනහිර සිවිල් ජනතාවගේ ඉඩම් යළි එම ජනතාවට ලබා දීමේ වැඩසටහන යටතේ මෙය සිදු කෙරිණ.

    යුද්ධය පැවති සමයේ මෙම ඉඩම් යුද හමුදාව බාරයේ තිබිණ. යුද්ධය අවසන් වීමෙන් පසු එම ඉඩම් නැවතත්, හිමිකරුවන්ට ලබා දීම රජයේ අරමුණයි. මෙම ඉඩම් සිවිල් ජනතාවට බාර දීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතාට කිලිනොච්චි ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් රැල්ප් නුගේරා මහතා විසින් ඊයේ බාරදෙනු ලැබීය.

    කරච්චි, පුදුකුඩුඉරිප්පු, තුනුක්කායි, කණ්ඩාවලෙයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම ඉඩම් පිහිටා තිබේ.

     

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 11:15

    Latest News