යාන්ඔය කෝටි 360ක වන්දි ගෙවා අවසන්

දෙසැ 21, 2018

    යාන්ඔය ව්‍යාපෘතියෙන් අවතැන්වූවන්ට වන්දි මුදල් ලබා දීම අඛන්ඩව සිදු කෙරෙන බව ප්‍රාදේශීය ලේකම්වරු පවසති. 

    මේ වන විට රුපියල් කෝටි 360ක මුදලක් ගෙවා අවසන්. යාන් ඔය හරස් කරමින් මෙරට ඉදිවූ තුන්වැනි විශාලතම ජලාශය වන්නේ පහළ යාන් ඔය ජලාශයයි. උතුරුමැද, නැගෙනහිර හා වන්නි දිස්ත්‍රික්කවලට මෙමගින් ජලය සැපයේ.

    පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් නිවාස අහිමිවූවන් සංඛ්‍යාව 2,731ක්. ඔවුන්ට අව්‍යශ වන්දි ලබා දීමට අවශ්‍ය තක්සේරු වාර්තා ලබා ගත් පවුල් 462ක් සඳහා රුපියල් කෝටි 36ක මුදලක් මේ වන විටත් වන්දි වශයෙන් ලබා දී තිබේ. ලබන වසරේ මුල් මාස කිහිපය තුළ සියලු වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට නියමිත බව එම ප්‍රදේශයන්හි ලේකම්වරු පවසති.

    Latest News