මහින්දව පරදවා - අලුත් ආණ්ඩුවෙන් ඉන්ධන මිළ පහළට

දෙසැ 21, 2018

    පෙට්‍රල් ලීටරයක මිල රු.10කින් හා ඩීසල් ලීටරයක මිල රු.5කින් අඩු කිරීමට තීරනය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 ලෙස පවතින අතර එහි නව මිළ රුපියල් 125 ක් වනු ඇති. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 159 ක් ලෙස පවතින අතර නව මිළ රුපියල් 149 ක් වේ.

    ඔටෝ ඩීසල් ලීටරයක මිළ දැනට රුපියල් 106කි. මිළ අඩු කිරිමෙන් පසු රුපියල් 101 වනු ඇති. සුපර් ඩීසල් ලීටර්යක් 131ක්ව පවතින අතර එය රුපියල් 10කින් අඩු කිරිමෙන් පසු නව මිළ රුපියල් 121 ක් වේ.    

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 11:23

    Latest News