අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

දෙසැ 21, 2018

    2019 වසරේ මුල් මාස හතර සඳහා වු රජයේ වියදම් වෙනුවෙන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද 96 කින් සම්මතවේ.

    මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාවට පක්ෂව ඡන්ද 102 ලැබුණ අතර විපක්ෂව 06 ක් පිරිනැමිණ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ලබා දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද විමසීමට සහභාගි නොවු අතර ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 17:09

    Latest News