විශේෂ නත්තල් උළෙලක් ජනපති මැදුරේ දී

දෙසැ 21, 2018

    නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

    නත්තල් කැරොල් ගීත ඇතුළු විචිත්‍රාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.

    කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් පෙන්වා දුන්නේ, සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිඳු ජනයාගේ වේදනාව හඳුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බවයි.

    රටේ ජනතාව දිළිඳුකමින් මුදවාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට සියලු පාලකයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද මෙහිදී උන්වහන්සේ අවධාරණය කළේය. මෙම නත්තල් උළෙල ට අපොස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් ටොට් රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ජෝන් අමරතුංග, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, කලාකරුවන් ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    Latest News