නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
පොලිස් විශේෂ ජංගම මුර සේවා යොදවා රියදුරන් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ඊයේ දිවයිනපුරා සිදු කෙරිණ.
ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදු වූ බරපතල අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද…
මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග අප වෙත යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…
2018 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල 2017 වර්ෂය සමග සලකා බැලීමේ දී විද්‍යා, ගණිත ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ විෂයධාරා හදාරණ සිසුන්ගේ දක්ෂතා…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (31) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන උදාවන නව වසරට…
දෙහිවල ප්‍රදේශයේ දී හොරොයින් කිලෝ ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගැනේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව…
රට තුල මතුව ඇති ඖෂධ හිඟය කඩිනමින් විසඳීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.
පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 25 ක් එක්සත් ජාතික පෙරමුණ සමග එක්වන බව, ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගිය දිනවල මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්ත්වය නිසා හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ආහාර නිෂ්පාදනාගාරයක් පරීක්ෂාවට ලක් කෙරේ. කාත්තන්කුඩි නගර සභාව විසින් වැටලීම සිදුකරනු ලැබීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග සිය ධුරයේ වැඩ භාරගනියි
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබේ. 
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කලක් භාවිත කළ ඇම්පියර් 5 සහ 15 රවුම් හැඩය සහිත විදුලි පේනු සහ විදුලි කෙවෙනි විකිණීම,…
කටුගස්තොටු පොලිස් සිරැ මැදිරිය තුල දී අද අළුයම 2.00ට පමණ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මිය ගොස් තිබේ.
 හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 280ක් සමග ඉන්දීය ජාතිකයෙකු ඊයේ (30) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.
නව ජාතික හැඳුනුම්පතක් ජනවාරි පළමුවැනිදා සිට නිකුත් කිරීමට නියමිත බව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
කොම්පඤ්ඤ වීදියේ ගොඩනැගිල්ලක විදුලි සෝපානය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවෙකු යෙදවා පරීක්‍ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කරයි.

Latest News