ජංගාට හමුදා ඇඳුම් දුන් හමුදා සෙබළා අත්අඩංගුවට

පෙබ 09, 2019

    මධූෂ්ගේ ගෝලයෙකු වන ජංගා නැමැත්තාට හමුදා නිල ඇඳුම් දුන් යුද හමුදා සෙබළා අනුරාධපුරේදී යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඩුබායි හිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මධූෂ් සමග ජංගා නැමැත්තාද අත්අඩංගුවට පත්විය. තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් 'ජංගා' නමැත්තාගේ මාතර, ගන්දර පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී හමුදා නිල ඇඳුම් 18ක්, ටී-56 ජීව උණ්ඩ 23ක් ඊයේ (08)සොයා ගැනිණ.

     

    Latest News