මදූෂ් මලත් මල ගෙදර යනවා...නිරෝෂන්

පෙබ 09, 2019
  • මාකදුරේ මදූෂ් මිය ගියත් ඔහුගේ මළ ගෙදරට යන බව එක්සත් ජනතා නිදහස් සන්ධන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි. මාකඳුරේ මදූෂ් හා ඔහුට ඇති සම්බන්ධය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඊයේ මේ බව කියා සිටියේය. 

     ඔහු ප්‍රකාශ කළේ මාකඳුරේ මදුෂ් වැනි පීඩිත පන්තියේ අය තවදුරටත් මේ සමාජය තුල ඇති නොකිරීමට වග බලාගත යුතු බයි. නිරෝෂන් ප්‍රේමරත්න මහතා 2015 දී මාතර දිස්ත්‍රික්කයෙන්  මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ විමල් වීරවංශ මහතාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක් ලෙසයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස ද පෙර කටයුතු කළේය.   

    පාර්ලිමේන්තුවේ දී නිරෝෂන් ප්‍රේමරත්න මහතා කළ කතාව..

    "මාකඳුරේ මදූෂ්ගේ කිව්වට මදූෂ් මාකදුරේ නෙවෙයි ඇත්තටම..කඹුරුපිටිය, ගතාරේ, වැලිහේන්ගුඩුකුට්ටිය කියන ගම්කොටසේ තමයි, මදූෂ්ගේ ගම තියෙන්නේ..මගේ පාසලේ ඉදලා කිලෝ මීටර් එක හමාරයි දුර..මම සහභාගී වුණේ මාකඳුරේ මදූෂ්ගේ මගුල්ගෙදරකට, පාටියකට නොවෙයි..මම ගියේ මම පුංචි කාලේ ඉදලා දන්න කඹුරුපිටිය, හඳපාන රෝහලේ අවුරුදු 17ක් රෝහල් කම්කරුවෙක්.. මදූෂ්ගේ මැරකම්, පාතාල ක්‍රියාකාරකම් ඔහුගේ වැඩක්..මගේ මනුස්සකම මගේ වැඩක්...මම කියනවා මදූෂ් මැරුනත්, මදූෂ්ගේ මළ ගෙදර තිබුනත්, මම ඒකටත් යනවා...ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගත්තා මේ පාර්ලිමේන්තුවේ ශාඛාවෙන්...අදටත් මාසෙකට හත් ලක්ෂ 25,000ක් මේ ලංකා බැංකුවට ගෙවනා මම..ජවිපෙ තමයි මෙම මේ මඩ හැදුවේ.. ජීවිතේ කවදාවත් මම හොරකම් කරලා නෑ මන්ත්‍රීතුමා... විභාග පාස් වෙනකොට මම නාට්ටාමි වැඩේ කරනවා පොලේ..මාවරල පොලේ..මගේ ගෙදර 5 දෙනෙක් ඉස්කෝලේ ගියේ නැහැ..4 වසරින්, 5 වසරින් නතර වුණා...බෝක්කුඋඩ ඉදලා මගේ කුලේ ගැන කියලා ගල්වලින් ගැහුවා...මට මාකඳුරේ මදූෂ්ව සාධාරනීකරණය කරන්න ඕන නැහැ...මේ මහ පොළොව තුන්වැනි පන්තියේ මිනිස්සුන්ගෙන් මදූෂ්ලා බිහිවෙන එක නවත්තන්න ඕන..මල ගෙදර ගිය මට ජවිපෙ සහෝදරවරු ගැහුවා මදූෂධ් එක්ක සම්බන්ධන්ධයි කියාල...මදූෂ්ගේ අම්මා ජවිපෙ ප්‍රබල සාමාජිකාවක්..1988 වසරේ දී රජයේ හමුදා මදූෂ්ගේ අම්මට වෙඩි තියලා මරණව ගේ ඉස්සරහ දී..තාත්ත වෙන නෝන කෙනෙක් එක්ක යනවා..තම සාමාජිකාවක් වෙඩි තියලා මරණකොට ජවිපෙට ගිහින් බලන්න තිබුණා මදූෂ්ගේ ගෙදර...මදූෂ්ව නිර්මාණය කළේ කවුද? මදූෂ්ව නිර්මාණය කළේ ජවිපෙ දේශපාලනය..."

     

    චෝදනාවට පිළිතුරු දීමට  සුනිල් හඳුන්නෙත්ති යළිත් පාර්ලිමේන්තුවට....

    නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙම චෝදනාව සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නම් සදහන් කරමින්...මෙම ප්‍රකාශය කරන විට ඔවුන් සභා ගර්භයේ සිටියා නම් හොඳයි යනුවෙන් නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය කථාව අතරතුර දී සඳහන් කළේය..ප්‍රකාශය සිදුකර සුළු මොහොතකට පසු සභා ගර්භයෙන් පිටව ගොස් සිටි සුනිල් හඳුන්නෙත්ති මහතා යළිත් පාර්ලිමේන්තුවට පැමිණ සිය අදහස් ප්‍රකාශ කළ අතර ඒ මොහොතේ දී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සභා ගර්භයේ සිටියේ නැත..

    "එතුමා සම්බන්ධයෙන් හෝ පෞද්ගලික කාර්ණාපිළිබඳ හෝ දේශපාලන කාරණා පිළිබඳව හෝ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ගැන ජවිපෙට ප්‍රශ්නයක් නැහැ..එතුමා පිළිබඳව අපේ ජවිපෙ වෙබ් අඩවියක හෝ ෆේස්බුක්වල කිසිම දෙයක් සඳහන් කරලා නැහැ...ඒවගේම මුදල් ගෙවීම්, බැංකු වාරික ගෙවීම් ගැනත් අපට ප්‍රශ්නයක් නැහැ...අපිට තියන විවේචන අපි හැංගිලා කියන්නේ නැහැ..කියන දෙයක් අපි ප්‍රසිද්ධියේ කියනවා..."

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 14:45

    Latest News