ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ඇමති ලේකම් කව්ද? විමර්ශනයක් කරන්න

පෙබ 08, 2019

    රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සහිතව ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කවුරුන්ද යන්න විමර්ශනයක් සිදුකරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිට ඉල්ලීමක් කර තිබේ.

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා හා ඔහු සමග සිටි පිරිසක් ඩුබාහි දී අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය මේවනවිට රටේ ඉමහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

    එසේ අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු සිටින බවටත්, ඔහුට විසින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා දී ඇති බවටත්, පසුගිය දින කිහිපයෙහි සමාජ මාධ්‍ය කිහිපයක වාර්තා පළ වී තිබූ බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා (06) කැඳවූ මාධ්‍යහමුවක දී අවධාරණය කළේය. ඒ කිසිවක් නොසලකා ඊයේ (07) දිනයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද, නැවතත් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු අදහස් පළකර තිබු අතර පෞද්ගලික මාධ්‍ය හරහා ඊට පුළුල් ප්‍රචාරයක් ද ලබාදී තිබූ බව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්තානයේ දී පැවති එම මාධ්‍ය හමුව අමතමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා, ''පාතාල නායක මාකදුරේ මධූෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති රාජතන්ත්‍රික ගමන් බලපත් හිමි පුද්ගලයා මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු බව'' පවසා ඇති බව ද එම නිවේදනය සඳහන්. මේ අනූව, මෙම සිද්ධියේ දී අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් අතර ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සිටී ද යන්න කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    Mangala 900px 19 02 08

    mangala900px 19 02 08

     

     

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 17:09

    Latest News