බෙල්ලන් සල්ලි කරන්න හැදූ සැකකරුට මාංචු

පෙබ 09, 2019

     හම්බන්තොට, බැරක් වීදිය ප්‍රදේශයේ දී හක් බෙල්ලන් කිලෝග්‍රෑම් 06 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණ.

    ඒවා අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ බවට සැක පළ කෙරේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වයස අවුරුදු 56 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ පුද්ගලයා ඉදිරි කටයුතු සඳහා හම්බන්තොට වන ජීවි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී. පන්වැව, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් වැටලීම සිදුකෙරිණ.

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 07:51

    Latest News