ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.

ඉදිරි පැය 48 තුල දී ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා තීරණාත්මක විසඳුමකට එළැඹීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් මේ වන විට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලයිස්තු මන්ත්‍රීන් ගැන ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට නියමිත බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැරගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ ලිපි ලේඛන ඊයේ එම මන්ත්‍රීවරුන් වෙත යවා තිබේ.

ශ්‍රීලනිප සභාපති ධූරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කළ අභියාචයකට ලබන 27 දා කරුණු දැක්වන්නැයි පා.ම. අනුර යාපාට නොතීසි නිකුත් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට දින 07 තුළ කරුණු දක්වන ලෙසි ලිපි යොමු කර තිබේ.

මීළඟ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් ස්වදේශිකවාදී හා මානවවාදී පුළුල් පෙරමුණක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Latest News