ඉදිරි පැය 48ට ශ්‍රීලනිපයට තීරණාත්මකයි (වීඩියෝ)

සැප් 28, 2019

    ඉදිරි පැය 48 තුල දී ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා තීරණාත්මක විසඳුමකට එළැඹීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී ජනාධිපති නිලනිවසේ දී පැවැත්විණ. ඔහු කියා සිටින්නේ ඉදිරි පැය 48 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා තීරණාත්මක බවයි.

     මාධ්‍යට අදහස් දැක්වූ පා.ම තිලංග සුමතිපාල..

    "ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව අවසන් තීන්දුවක් සඳුදා වන විට ගැනීමට බලාපොරොත්තු වෙනවා..නමුත් අපි පක්ෂ දෙකක් පමණක් සාකච්ජා කරපු නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පමණක් සාකච්ජා කළ නිසා අනෙක් සහෝදර පක්ෂ සියල්ලටම සාකච්ජා කිරීමට අවශ්‍යයි කියලා මේ සති අන්තයේ තීන්දු කළා..මධ්‍යම කාරක සභාව කලින් අනෙක් පක්ෂත් එක්ක සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා..

    ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා..

    ජනාධිපතිවරණයේ දී ඒ අය වෙනම අය ඡන්ද ඉල්ලන්න තීන්දුකරලා තියන නිසා මේ ජනාධිපති මැතිවරණයේ දී අපට ඒ අයත් එක්ක සාකච්ජා කරන්න පුළුවන් දේශපාලන එකඟතාවයක් ගැන මට නම් පෙන්නේ නෑ..

    එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා දැන් ඉදිරිපත් කරලා තියනවා..එතනින් එහාට ගිහිල්ලා කල්පනා කරනවා, අපි කොහොමද ඉදිරි දේශපාලන ක්‍රියාදාමයේ දී ජනතාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව කරන්නේ කියලා..ඒ නිසා ඉදිරි මේ පැය 48ට අතිශය වැදගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට..."

     

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයින් සියලු දෙනාගේ සාකච්ජාවක් ද ඊයේ පැවැත්විණ

    ශාන් විජේලාල් ද සිල්වා මහතා...
    “ අද විශේෂයෙන්ම ජනාධිපතිතුමා ලබන ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සියලු අපේක්‍ෂකයන්ගේ සාකච්ජාවක් පැවැත්වුවා. විශේෂයෙන්ම එතුමා දැනට කරන ලද කටයුතු පිළිබඳවත්, ඉදිරියේදී පවත්වන්නට නියමිත කටයුතු පිළිබඳවත් ඒ අය සමඟ දීර්ඝව කතා කළා. ඒ වගේම පැහැදිලිව ඔවුන්ට කිව්වා රටේ සම්මත මැතිවරණ නීතියට එකඟව, අනෙක් අයටත් ආදර්ශයක් වන ආකාරයෙන් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ මැතිවරණ විරෝධි කටයුක්තක් සිදු නොකර පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ කැපවීමකින් කටයුතු කරන්න කියන පණිවුඩය එතුමා ලබාදුන්නා. ඒ එක්කම ලබන ඔක්තෝබර් 5 වැනිදා ඇල්පිටිය නගරයේදී එතුමා ප්‍රදේශයේ ජනතාව අමතන්න නියමිතව තිබෙනවා“ යැයි ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:18

    Latest News