නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

සැප් 03, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    “තීන්දුව හරි අතට” යන්න මෙවර සම්මේලනයේ තේමාවයි. මෙවර සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල එළිදැක්වීමට ද නියමිතව තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මැතිනිය ද සංවත්සර සමුළුවට සහභාගී වී සිටින්නීය.

    slfpanniversery 900px 19 09

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 20:02

    Latest News