විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි නොකර එහි බලතල සීමා කිරීමට පමණක් සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.

1956 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ කම්කරු අයිතීන් තහවුරු කිරීමට මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෝක කම්කරු දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ජාවක් ඊයේ පැවැත්විණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා සභාපති ධුරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල වැඩ බලන ආසන සංවිධායක ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කර තිබේ.

ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට සිදුවුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (16) අද රාත්‍රී 07.00ට රැස්විමට නියමිතයි.

ඉදිරි මහ මැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.

Latest News