ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහ පාක්ෂිකයන් අමතකවීමක්, අපහසුතාවට පක්විමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති මහබෙල්ලන්කඩවල ග්‍රාමයේ පැවති ජනහමුවක් අමතමිනි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි.

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයේ දී, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදීමට තීරණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට වඩා, රට සුරැකීමේ අරමුණෙන් බව, එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක එම්. එම් අම්ජාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්ව තිබේ.

ශ්‍රීලනිපයේ වත්මන් නායකත්වය හේතුවෙන් පාක්ෂිකයා සහ පක්ෂය දැඩි අපහසුතාවයකට පත් වීමෙන් පක්ෂය විනාශ වීමට ඉඩ ඇති බැවින් ජනාධිපතිවරණයේදී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය ඊයේ දැකගත් බව ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම පක්ෂ දෙකේ මහලේකම්වරු විසින් අත්සන් තැබීම සිදුකෙරිණ. 

කොන්දේසි සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට සහය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපයේ සහයෝගය ලබා දෙන්නේ කුමන පාර්ශවයටද යන්න නිල වශයෙන් හෙට ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

Latest News