SLFP හැරගිය මන්ත්‍රීවරුන් ගැන තීරණය හිතා මතා ප්‍රමාද කළේ: අමරවීර

සැප් 04, 2019

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැරගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ ලිපි ලේඛන ඊයේ එම මන්ත්‍රීවරුන් වෙත යවා තිබේ.

    පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

    “අපිට විනය පියවර ගන්න මන්ත්‍රීධූර අහිමි කරන්න ඕනතරම් අවස්ථාවක් තිබුණත් අපි හිතුවේ ඒක මේ වෙලාවේ කළ යුතු නැහැ. මොකද අවසානේ අපි කවුරුත් එකතුවෙලා එක ගමනක් යන්න ඕනේ කියන අදහස නිසා තමයි ඒ තීන්දු නොගන්නේ. නමුත් පසුකාලීනව මේ තත්වය දිගින් දිගටම ගැටලු සහගත වන තත්වයක් තිබුණා. මම දැක්කා ජී.එල්.පීරිස් මැතිතුමත් කියලා තිබුණා කඩිමුඩියේ පොහොට්ටුවට ආපු දෙන්නෙක් අපි අයින් කරන්න කටයුතු කළා කියලා. නැහැ එහෙම එකක් නොවෙයි. මධ්‍යම කාරක සභාවේ ගත්තු තීන්දුවක් අනුව ඒකෙදි කිව්වා පළමු වෙනියට ජාතික ලැයිස්තුවේ පක්ෂයට හිමි මන්ත්‍රීධූර ලබාගෙන එහාට ගිය අය ඉවත් කිරිමට කටයුතු කරන්න. එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එස් පවුසි, විජිතමුණි සොයිසා, ලක්‍ෂමන් යාපා අබේවර්ධනය ඒ පස් දෙනා තමයි ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගියේ“ යැයි මහින්ද අමරවීර මහතා පැවසීය.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 19:36

    Latest News