SLFP හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ට වැඩ වරදින හැටි මහ ලේකම් දායාසිරිගෙන් (වීඩියෝ)

සැප් 04, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට දින 07 තුළ කරුණු දක්වන ලෙසි ලිපි යොමු කර තිබේ.

    මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමට පෙර කරුණු දක්වන ලෙසට ලිපි යොමු කළ බව අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දායාසිරි ජයසේකර මහතා පැවසීය.

    එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා යන මන්ත්‍රිවරුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා ලබා ගත්තේය. ඒ. එච්. එම්. පවුසි සහ විජිත් විජේමුණි සොයිසා මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව සිටිති.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 20:01

    Latest News